

Out of stockමහ හයියෙන් කෑගසා හඬන්නට තරම් වේදනා දෙන සිරුර දියෙන් ගොඩට ගත් මාළුවෙකු සේ වේගයෙන් ගැහුණි. ලේ වගුරකින් පාළු නිවස තෙමි යද්දී ඝාතකයා ඇයගේ දෑත් වැලමිටට පහළින් කපා වෙන්කර බිම දැමුවේ ය. අධික වේදනාවෙන් ගැහෙන ඇයගේ සිරුර දෙස බලා පා පහරක් එල්ල කළ ඝාතකයා තමා ගෙන ආ මන්න පිහිය ගෙන වැන්දඹු ගැහැනියගේ ගෙල කපා, හිස වෙන්කර තම අතට ගත්තේ කුරිරු ලෙස ය. කඳෙන් වෙන් කළ හිස ගෙන එයට විදුලි පන්දම ඇල්ලූ ඔහු ඇයගේ දෑස් දෙස බැලුවේ ය. කඳෙන් හිස වෙන් කරන විට තරමක් පිටතට පැමිණ ඇති දැස් තුළට නම් දබරැකිල්ල ඔබ්බවා දැස් උගුල්ලා එළියට ඇද දැමූ ඝාතකයා බිම වැටුණු ඇයගේ දැස් යුගල සපත්තු අඩියෙන් පාගා පොඩිකර දැමුවේ ය. ලේ විලක් වූ පාළු නිවස තුළ අවසන් හුස්ම හෙලූ වැන්දඹු ගැහැනියගේ හිස ගෙනවිත් වැට කඩුල්ලෙහි එල්ලු ඝාතකයා තම ආයුධ බෑගය ද ගෙන රහසේම කැලයට පිටව ගියේය.
Read this book? Sign in to share a review with other readers.