

Out of stockභාතිය අර්ථනායක යනු මෙරට සිටින දක්ෂතම පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරුවෙකි. අභිප්රේරකවරයෙකි.ලේඛකයෙකි.එසේම ඔහු වසර 10 කට ආසන්න කාලයක් විද්‍යුත් මාධ්‍යයට ප්රවෘත්ති නිවේදකයෙකු, සංස්කාරකවරයෙකු සේම කළමණාකරණ ක්ෂේත්රයේ ද අත්දැකීම් ඇත්තෙකි. මාධ්‍යයවේදියෙකු ලෙස හඳුනාගනු ලැබූ භාතිය අර්ථනායක පසු කලෙක බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ ක්‍රීඩා අභිප්රේකවරයෙකු ලෙසය.පසුව ඔහු ක්‍රීඩාවෙන් උකහා ගත් ජවය, අලෙවිකරණයට, ව්‍යාපාර ක්ෂේත්රයට, අධ්‍යාපනයට අදාලව ඔහුගේ පුහුණු වැඩසටහන් තුළට ඇතුලත් කළේය. අති දක්ෂ දේශකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ සේවය ලබාගෙන ඇති ආයතත්ත රැසකි. MAS, DIMO, AIA Insurance, Peoples Bank, CDE, Elephant Hoese, CIC, LB Finance වැනි ආයතන ඒ ඒ අතුරින් කිහිපයක් පමණි. මෙම ග්රන්ථයෙහි ඇතුළත් වන්නේ මව්බිම පුවත්පතෙහි බදාදා FT අභිරේකයට හාතිය විසින් රචනා කරන්නට යෙදුනු ලිපි පෙළක සංස්කරණය කරන ලද එකතුවකි. එය මව්බිම පාඨකයන් අතර සේම Motivation.lk පිටුවේ පරිශීලකයන් අතර ද මහත් සේ ජනප්‍රිය විය. මෙය ග්රන්ථයක් ලෙස එළි දකින්නේ එය කියවූ බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදිය. ජීවිතයේ සාර්ථකත්වය කරා මිනිසුන් නිතර කළ දේ ගැන මේ “දියණුවේ මන්ත්‍ර තුළ කථා බහට ලක් කෙරේ. “මේ ග්‍රන්ථය මීට වසර 10 කට පෙර මා අතට පත්වූයේ නම්, මගේ ජීවිතයේ තවත් බොහෝ ජයග්‍රහණ ලැබීමට හැකි ව තිබූ බව මට හැඟේ. මෙය කියවා පසෙක තැබිය යුතු පොතක් නොව, දිපතා එහි ලියා ඇති දේ භාවිතයට ගත යුතු පොතකි.” චන්දන තිලකරත්න ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී “භාතිය, අභිප්‍රේරණ විෂයේ දී දක්ෂ කථිකයෙකි. කතාවේ දී පමණක් නොව සිය ලිවීම්වල ද ඔහු ඒ විශිෂ්ඨත්වය පවත්වා ගෙන ඇති බවට ඔහුගේ ග්රන්ථ කදීම නිදසුනකි.” චමින්ද වාස් හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩක,
Read this book? Sign in to share a review with other readers.