

Out of stock"... ඈත දුමෙන් වැසී ගිය කළු ඇඳුම්කරුවෝය. මෑත කඳුළුගෑස්වලින් විපරීත වුණ ආච්චීය; ලෙව්වේය. ඈත කෝපයෙන් රත්ව ගිය යවටක් වැනි ඇස් ඇති වතුර විදින්නෝය. උන්ගෙ කරේ බොත්තම්ය. මෑත මඩ ජරාවෙන් ගන්දස්කාරයට පත්ව ඥාව් වී සිටින චමියාය. උගේ අතේ අම්මටසිරි පෙනුමැති කඩුවක්ය. ඈත මහපොළොව පළාගෙන මතු වුණාක් මෙන් බිම දිගා වී වෙඩි තියන්නට බලා ඉන්නා පොලිසියේ පරයෝය. මෑත නාරස්සන, දෑකැතිවලින් සජ්ජිත මායෝ මායෝය; ලී සංය. ඈත කෙසඟ අත් දරන ගිගිරි වීරසිංහය; පියදාස ශ්රීය. මෑත උන් ඔක්කොගේම ඔළුකටු කුඩු සංසාර කරන්නට එන කළු ඇඳුම්කාර තුවක්කුකරුවෝය. ඈත බැලු බැලුවන් 'අම්මටසිරි! අද නම් මුං කනවා' යැයි මුමුනමිනි. මෑත බැලු බැලුවන් 'මරාගෙන මැරුණත් පහුබහින්නෑ' කියා උදන් අනමිනි....."
Read this book? Sign in to share a review with other readers.