

Out of stockමේක දූවිලි අංශුවක කතාවක්. දූවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවත් මහ පොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ. ඒත් දූවිලි අංශුව ඉන්නේ අහසේ. මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා. කඳු, හෙල්, නිම්න පසුකරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහ පොළොවේ ජීවිතය ගැන දූවිලි අංශුව දන්නවා. ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස, සැහැල්ලුව, හුදෙකලාව දූවිලි අංශුව අත්විඳිනවා. මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහපොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා. ළඟින් ඉන්න කොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා. "ආකාස සූත්රය " කියන්නේ අහසේ සැරිසරන දූවිලි අංශුවකට පෙනෙන මහපොළොවේ ජීවිතයේ කතාවයි.
Read this book? Sign in to share a review with other readers.