

Out of stockජයෝදර් දොස්තයෙව්ස්කිගේ ' අපරාධය සහ දඬුවම නම් කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට රුද්‍රිගු විසිනි. 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගීමත් ක්‍රියාධරයෙකු විය. 1960 දී මොස් කව්හි 'ලුමුම්බා ' මිත්‍රත්ව සරසවියට ඇතුළත් වූ ඔහු එහිදී වෛද්‍ය උපාධිය හිමිකර ගත්තේය. අනතුරුව මොස් කව්හි ම රැඳී වෛද්‍ය සේවයෙහි නිරත වූ හේ තදනන්තරව සාහිත්‍ය හා සන්නිවේදන කටයුතු වල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දීම මිය ගියේය. රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘතීන් සම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීම මඟින් එකී සාහිත්‍ය මෙහි ප්‍රචලිත කිරීමෙහිලා ඔහු අතින් ඉටු වූ මෙහෙවර අගයමින් 2005 ඔක්තෝබර 27 දා කොළඹ දී ඔහුගේ නමට ලියෝ කොල්ස්ටෝයි ' සම්මානය පුදනු ලැබිය.
Read this book? Sign in to share a review with other readers.