

Out of stockඒ ක්රිස්තු වර්ෂ 6 වැනි ශත වර්ෂයයි. ඒ වන විට ඊජිප්තු භූමිය පුරා ක්රිස්තියානි ආගම පැතිරි තිබිණි. පුරාණ ආගමික චාරිත්ර ඉටු කරනු ලැබුවේ, 'ෆිලේ' පුජනීය දිවයිනේ පිහිටි ඉපැරණි දෙවොලේ පමණි. ෆිලේහි රූමත්, තරුණ, ප්රධාන පූජකවරිය වූ අයිසිස් තම ප්රජාවගේ ආත්ම විශ්වාසය රැකගනිමින්, ඔවුන්ට ජීවය දෙමින් දෙවොල රැක ගැනීමට කැප වී සිටියාය. දෙවොලේ ප්රධාන පූජක වූ සැබ්නි හා එක්ව, බල සම්පන්න බිෂොප්, තියඩෝර්ට එරෙහිව නැගී සිටින්නට ඇය ක්රියා කළාය. එහෙත්, ඊජිප්තු භුමියේ උතුරේ සිට දකුණ දක්වාම නැගී එන විරෝධය හමුවේ ෆිලේ දෙවොල මත පතිත වන භීෂණය දිනෙන් දින උග්ර විය. සැම අතින්ම දෙවොලට එල්ල වූයේ දැඩි බලපෑමකි. තම ප්රජාවත් සැබනිත් සමඟ එක්ව එම අභියෝගයන්ට මුහුණ දෙන අයිසිස්ට දෙවොලෙහි ඉරණම වෙනස් කළ හැකි වේද? ධර්මෝන්මාදයෙන් ඔද වැඩුණු පිරිසකගේ හිංසනයට ලක්වන අයිසිස් ඇතුළු ෆිලේ ප්රජාවට අත්වන ඉරණම කුමක් විය හැකි ද? ඒ වෘත්තාන්තය අසන්නට පා තබන්න, පුජනීය දිවයිනේ පිහිටි සිල් දෙවොල තුළට ! අදටත් අලංකාරව, සැදැහැතියන් සනහන ෆිලේ දෙවොල තුළට!
Read this book? Sign in to share a review with other readers.