

Out of stockකේම්බ්‍රිජ් සරසවියේ ලතින් ඇමෙරිකානු සාහිත්‍යය පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරිය ක වන බ්ලුමා ලෙනන්, එමිලි කින්සන්ගේ පද්‍ය සංග්‍රහයක් කියවමින් පාර මාරුවෙමින් සිටියදී, මෝටර් රථයක හැපී මිය යයි. ඇගේ අකල් වියෝවෙන් මාස කිහිපයකට පසු ඇගේ නමට උරුගුවේ රටින් පාර්සලයක් පැමිණෙයි. එය සිමෙන්ති බැඳී දුර්වර්ණ වූ, යමෙකුට පුදන ලද ජෝශප් කොන්රඩ්ගේ නවකතාවකි. බ්ලුමාගේ පෙම්වෘතකු වී සිටී. ඇදගේ වියෝවෙන් හිස්වන ආචාර්ය තනතුරට පත්වන කතානායකයා පොත එවන ලද පුද්ගලයා සොයා බුවෙනෝස් අයර්ස් නුවරට යයි. පොත ඒවා ඇත්තේ කාලෝස් බ්රවුවර් නමැත්තෙකි. එහෙත් ඔහු අතුරුදහන් වී ඇත. ඔහු උරුගුවේ රටේ පාළු වෙරළක, තමන් සතු පොත් වලින් නිවසක් තනාගෙන ජීවත් වන බව දැනගන්නට ලැබෙයි. ඔහු එහි ගියේ ඇයි.... සමාජ ප්‍රහසනයක් මෙන්ම ගුප්ත රසයෙන් පිරි ප්‍රබන්ධයක්ද වන මෙම කෘතිය පොත්වලට අසීමිත ලෙස ඇලුම් කරන්නන්ගේ නෙක ගති සොබා විවරණය කරයි.
Read this book? Sign in to share a review with other readers.