

Out of stockඅන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංග්රීසි බසින් ලියන ලද RED AZALEA නමැති නව ප්රබන්ධය, ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. BECOMING MADAM MAO නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද, එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාඕ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919-1933 අතර කාලය තුළ යුන් හේ හැටියටද, 1934-1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938-1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ, ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්රණය වූ රසාල්පිත ප්රබන්ධකරණ රීතියකිනි.
Read this book? Sign in to share a review with other readers.