

Out of stock" ඊශ්‍රායලයේ අදෘශ්‍යමාන බළකායද, එහි පිළිගත් භෞතික ප්‍රබලතාව තරමටම දැවැන්ත වීම පිළිබඳව දැනගත යුතුව තිබූ සහ නොදන්නා කරුණු කාරණා මෙම පොතෙන් හෙළිදරව් කෙරේ. රිශ්රායලයේ හිටපු ජනාධිපති ෂීමොන් පෙරේස " ඊශ්‍රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තරයන්ගේ, ලොමු දැහැගැන්වෙන ක්‍රියාකාරකම් සමහරක් එහි ඇතුව තතු දන්නා දෙදෙනෙකු විසින් අනාවරණය කරයි. මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමත් මොසාඩ් වංශකතාවේ එන අද්විතීය පැහැර ගැනීමි, රහසිගත මෙහෙයුම්, කඩාකප්පල් කිරීමේ හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් ක්‍රියාදාමයන් සහ පුද්ගලයන් කෙරෙහිය." PUBLISHERS WEEKLY ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස, ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඩ්, රහස්‍යභාවයේ කතා වෙස්වලාවකින් ආවරණය වී ඇති, අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහෝමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත. ආර්ජන්ටනාවේදී අයික්මාන් පැහැර ගැනීම සහ මියුනික් සංහාරයට වගකිව යුතු පුද්ගලයක් ක්‍රමානුකූලව ලුහු බැඳයාමේ සිට, එතරම් ප්‍රසිද්ධියක් නොලැබූ ආශ්චර්යජනක චර පුරුෂ ක්‍රියාකාරකම් පිළිබඳ අනුකථාවන් ඇතුළත් මෙම සුවිශේෂී ග්‍රන්ථය මගින් මොසාඩ් සංවිධානය සහ ඊශ්‍රායල බුද්ධි ප්‍රජාවේ,ප්රබෝධජනක,රහසිගත ඉතිහාසය විස්තරාත්මකට දක්වා තිබේ. ඊශ්‍රායලය තුළ හා ඉන් බැහැරව සිදු කළ පැරා හමුදාමය ක්‍රියාකාරකම්, ගුප්ත මෙහෙයුම් සහ ඉලක්කගත ඝාතන විමර්ශනයට ලක් කරන මයිකල් බාර් සෝහාර් සහ නිසිම් මිෂල්, මොසාඩ් වංශ කථාවේ විශිෂ්ට වෘත්තාන්තයන් විස්තරාත්මකව දක්වමින්, තම මව්බිම වෙනුවෙන් මෙහෙවර කළ නායකයන් සහ ශ්‍රේෂ්ඨ මොසාඩ් විජන්තවරුන්, සමහරකගේ පෞද්ගලික කතන්දරද අනාවරණය කරයි.
Read this book? Sign in to share a review with other readers.