

Out of stockතමන් මොන එකකට එක් නිවුන් දැරියක් තියාගත්තාද? දැන් එය විශාල ප්රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරියගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත. ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය. එම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත. එය ආශීර්වාදයකි. එතැන මුහුද දැඩි සේ ගැඹුරුය. වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය. එවිට වෑන් රථය, දැරියත් සමගම මුහුදු පතුල සිප ගන්නවා ඇත. වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි. ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි. ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය.
Read this book? Sign in to share a review with other readers.