

Out of stockපාන් නැත්නම් කේක් කාපල්ලා' යන ප්රකාශය කළැයි සැලකෙන ප්රංශයේ මාරි ඇන්ටනෙට් බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්රීති ප්රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක්රියාවන් අතර ප්රමුඛ වූ "ට්රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹිරිගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හී පෙම්වතා සමඟ වින්දනය කළ ප්රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරි උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඈ අත්දුටු දුක් පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි. සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත්තේ නෙතු කඳුළින් යුතුව බැව් සැක හැර කිව හැකිය.
Read this book? Sign in to share a review with other readers.