

Out of stockමිනීමරුවන් තිදෙනා මාලන් කොටු කරගෙන සිටියහ. ඔවුන් හිදෙනාම දකුණත්වල, කලාකිරිඤ්ඤ පැලඳ සිටියහ. ඔවුන් ගොදුරක් වෙත ළං වන වෘකයන් මෙන් මාලුන් වෙත සෙමින් ළං වූහ. මාලන් දෙපා විහිදා, හිස මදක් නමාගෙන, දෙඅත් මිට මොළවාගෙන සටන්කරුවන් තිදෙනා පිළිගැනීමට සුදානම්ව සිටියේය. මාලන් යක්ෂයෙකුටවත් බිය නැති නිර්භීත තරුණයෙකි. සටන් කිරීමට ඔහුට අවි ආයුධ අවශ්‍ය නැත. අයුක්තියට, අසාධාරණයට විරුද්ධව සටන් වැදීමට ඔහු කවදත් පසුබට නොවීය..... ඔහුගේ සහායට ඔහුට සිටියේ දාලා යන්නේ නැති නියම කෙල්ලක් පමණි. දිවයිනේ සෑම ප්රදේශයකින්ම රූමත් තරුණියන් පැහැර ගෙන අවුත්, විදේශීය සංචාරකයන්ට අලෙවි කරමින්, හෙරෝයින් මත්කුඩු ජාවාරමේ යෙදෙමින්, සිංගප්පූරුවට ළමා අවයව විකුණමින්, මහා පරිමාණයේ නීතියට පටහැනි බිහිසුණු ජාවාරම් රාශියක යෙදුණු මිනිමරු හොර සංවිධායක් පසුපස ලුහුබැඳ ගිය වීර තරුණයෙකු පිළිබඳව ලියවුණු, සෑම පිටුවක් පාසාම අධිවේගී ක්‍රියාදාමයන් පිගිය ත්‍රාසජනක රහස් පරීක්ෂක නවකතාව 'සටන්කාමියා ඔබ ත්‍රාසයෙන් මුසපත් කරනවා ඇත.
Read this book? Sign in to share a review with other readers.