

Out of stock"ෂර්ලොක් හෝම්ස්" නවතම කෘතිය 15% ක වට්ටමකින් ලබා ගන්න.. Rs. 810/= (15% discounted price) ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ The Adventures of Sherlock Holmes (Vol 1, Book 3)හි ඇතුළත් කෙටිකතා 05 ක සිංහල පරිවර්තනය මෙහි ඇතුළත් ය. 1883 මාර්තු මාසේ එක දවසක පිටරට මුද්දරයක් අලවපු ලියුමක් කර්නල්ගෙ පිගාන ඉස්සරහින් මෙසේ උඩ තියලා තිබුණා. එයාට සාමාන්‍යයෙන් ලියුම් ලැබුණෙ නැහැ. මොකද බාප්පගෙ බිල් ඔක්කොම අත්පිට මුදලින් ගෙවලා දානවා. එයාට කිසිම යාලුවෙක් හිටියෙත් නැහැ. 'ඉන්දියාවෙත් ඒක් අතට ගන්න ගමන් බාප්පා කිව්වා. "පෙන්ඩිච්චේරි තැපැල් මුද්‍රාව, මේක මොකක් වෙන්න පුළුවන්ද?” ඔහොම කියලා කලබලෙන් කවරය ගලවද්දී වෙළිච් පුංච් දොඩම් ඇට පහක් එළියට පැනලා එයාගෙ පිගාන උඩට පට පට ගාල වැටුණා. මේක දැකලා මම හයියෙන් ගිහා වෙන්න පටන් ගත්තා. ඒත් බාප්පගෙ මුණ දැක්කම මගෙ සිහාව එක පාරටම නැවතුණා, එයාගෙ යටි තොල එල්ලා වැටීලා තිබුණා. ඇස් දෙක ඉලිප්පිලා තිබුණා. හමත් හුණු බදාම වගේ සුදු වෙලා, වෙව්ලන අතේ තවමත් තියාගෙන හිටපු ලියුම් කවරෙ දිහා බලාගෙන ඉඳලා K.K.K. කියලා බාප්පා හිටි ගමන් යටි ගිරියෙන් කෑ ගැහුවා. ඊට පස්සේ "අනේ දෙව්යනේ මගෙ පව් මාව හොයාගෙන ඇවිල්ලා” කියලා මොර දුන්නා. "මොකද බාප්පෙ?" මම බයෙන් කෑ ගැහුවා, "මාරයා" එයා එහෙම කියලා මෙසේ ළගින් නැගිටල බයේ ගැහි ගැහි හිටපු මාවත් එතන තනි කරල කාමරේට ගියා. මම ලියුම් කවරෙ අරන් ඇතුළ බැලූවම කවරය ගම් තීරුව ළගින්ම වාගේ 'K' අකුර තුන් පාරක් රතු තීන්තෙන් කටු ගාල තියෙනවා දැක්කා. ලොඩම් ඇට පහ ඇරෙන්න ඇතුළෙ වෙත මොනවත් තිබුණේ නැහැ. (දෙඩම් ඇට පහේ භීෂණ)
Read this book? Sign in to share a review with other readers.