

Out of stockපිවිතයේ විවිධ අවස්ථාවන් පිළිබඳව, අප නොසිතන ආකාරයේ තාර්කික අර්ථකථනයන් සැපයූ, ඛලීල් ජිබ්රාන්ගේ "The Prophet' කෘතියේ ගලායන දාර්ශනික විවරණයන් සිංහල පාඨක සිත් වලට සමීප කරවීම, ආචාර්ය ශාන්ති කුමාර් හෙට්ටිආරච්චි විද්වතාණන්ගේ අරමුණ බව පැහැදිලිය දේව ධර්ම ශාස්ත්‍රය, සමයාන්තර අධ්‍යයනය පිළිබඳව ශාස්ත්‍රපති හා දර්ශනසූරි උපාධිය ද ලත් පරිවර්තකයා සමාජයීය ප්‍රශ්න සහ භූදේශපාලන ප්රවාහයන් හා ගැටලූ පිළිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් ඇත්තෙකි. ගෝලීය, ප්‍රාදේශීය හා දේශීය වපසරයන් හා බද්ධ වූ කාලීන ප්රස්තූතයන් සාකච්ඡා කිරීමෙන්, අදහස් හුවමාරුවක් හරහා ඔහු ලැබූ පහරය අති සුවිශේෂය. මේ කරුණු නිසාම දෝ ඔහු පකිස්තානයේ ලාහෝර් හි පිහිටි මින්හාජ් සරසවියේ ලෝකාගම් පිළිබඳ මහාචාර්ය පදවි ලබමින් විවිධ සමාජ කටයුතුවල නිරතුරුව නිරත වන්නෙකි. ඔහු දෙස් - විදෙස් රටවල සම්මන්ත්රණ හා වැඩමුළු වලට සම්බන්ධ වීමෙන් ලැබූ ශාස්ත්‍රීය හා විෂය බද්ධ සම්බන්ධතාවන් ද මෙවන් කෘතියක් පර්වර්තනයට යොමු කළා විය හැකිය. මිනිස් සිතුවිලි, දත්ත - තොරතුරු සහ පෙනෙන දේටත් වඩා ඔබ්බට ගිය චින්තනයක් හා විනිවිද යන යථාර්ථයක් කිවිඳු බල් පිබ්රාන්ගේ පැහැදිලි කිරීම් තුළ දකින හෙට්ටිආරච්චියන්, ශ්‍රී ලාංකික පාඨකයන් තුළ ද එම විඳීම - හැඟීම ජනනය කරවීමට දැරූ උත්සහයක් සේ 'වක්තෘවරයාණෝ' හැඳින්විය හැකිය නූතන පරපුරට තම් මග - දැක්ම හා විචක්ෂණය ගුරු කිරීමට මෙම කෘතිය අත්වැලක් වේවා. 'The Prophet' පරිවර්තනය අප සාහිත්‍යය රසඥතාව ප්‍රගුණ කිරීමට ද රුකුලක් වේවා. බර්නි දසනායක සම්මානිත ලේඛිකා අම්පිටිය, මහනුවර
Read this book? Sign in to share a review with other readers.