

Out of stockතදබල ලෙස රෝගීව සිටින පියා බලන්නට පුටින් ගියවිට ඔහු තම එකම පුතු දැක සතුටට පත් වූයේය. මේ වනවිට ඔහු මරණාසන්නව සිටින බව පුටින් වටහා ගත්තේය. එහෙත් ඔහුගේ පැමිණීම පිළිබඳව පියා සතුටු වන බව ඔහුගේ දෑස් දෙස බැලූ විට පුටින්ට වටහා ගන්නට හැකි විය. ඔහු පුටින් දෙස බැලුවේය. ඔහු ඉතා සෙමින් කතා කළේය. මේ වනවිට පුටින් රටේ විශේෂ තනතුරක සිටින බව පියා දැන සිටියේය. අනාගතයේදී ඔහු තවත් ඉදිරියට ගමන් කරන බව පුටින්ගේ පියා වටහාගෙන සිටියේය. "මගේ පුතා සාර් වගේ" යයි ඔහු පැවසුවේය. වැඩි දිනක් ගත වන්නට පළමු පියා මිය ගියේය. පියාගේ මරණය ඔහුට තද බල ශෝකයක් ඇති කළේය. දැන් ඔහුට සෙවනැල්ලක් ලෙසින් සිටි පියාද, මවද අහිමි වී ඇත. ඔහුගේ සිතට දැනුණු ශෝකය අති මහත්ය. ඔහු එය තනිව විද දරා ගත්තේය.
Read this book? Sign in to share a review with other readers.