

Out of stockසාමාන්‍යයෙන් භාවනාව ගැන නොදත් මිනිසුන් ලියන්නේ භාවනාව යනු සිත ඒකාග්ර කිරීම බවයි. මෙම මුළුමනින්ම අඥාන ප්‍රකාශය දක්වන පොත් දහස් ගණනින් වෙයි. එනම් භාවනාව යනු සිත ඒකාග්ර කිරිමයි. භාවනාවක විය හැකි අවසානම දෙය නම් එයයි. ඇත්තෙන්ම එය නම් එහි සම්පුර්ණ ප්‍රතිවිරුද්ධ බවයි. ඔබ ඉතා කුඩා දේවල් සොයමින් සිටින්නේ නම් සිත ඒකාග්ර කිරීම හොඳයි ඔබ. කුහුඹුවෙකුව සොයමින් සිටින්නේ නම් සිත ඒකාග්ර කිරීම ඉතාමත්ම හොඳයි එහෙත් ඒ දිව්‍යත්වය සෙවීමෙදී නම් නොවෙයි. දිව්‍යත්වය ඉතාමත් අසීමිත ලෙස පැතිර ගිය තත්වයක්. ඔබ සිත ඒකාග්ර කරන්නේ නම් කුහුඹුවකු මිස ඔබට දෙවියන් හමු නොවෙයි දෙවියන් සඳහා ඔබ නොසොයමින්, නොබලමින්, සැම පැත්තකටම විවෘත වී, ඒකාග්ර නොවී සම්පූර්ණ විවෘත සිතින් පසු විය යුතු වෙයි. ඒකාග්ර නොකරන ලද සිහියයි භාවනාව වන්නේ දේව ධර්මය හේතුවෙන් ආගම විෂ බවට පත් වෙයි. සැබෑ ආගමිකයෙකුට දේව ධර්මයක් නැහැ ඔහුට අත්දැකීම ලැබී ඇති අතර, ඔහු තුළ සත්‍යය පවතියි ඔහු තුළ එම දිස්නය පවතින නමුත් දේව ධර්මය නොපවතියි. එහෙත් වියතුන් පණ්ඩිතයින් මෙන්ම ඊනියා උගතුන් හටද දේව ධර්මය මහත්සේ උපකාරී වී තිබෙනවා පුජකයින්, පාප් වහන්සේලා සහ ශංකරාචාර්ය වරුන් දේව ධර්මය මහත් උනන්දුවෙන් වැළඳ ගත්තා එයින් ඔවුන්ට යහපතක් සැලසුණා ඔවුන්ගේ මුළු ව්‍යාපාරයම රඳා පවතින්නේ ඒ මතයි. සෙන් දහම එහි මුලින්ම කපා දමයි.
Read this book? Sign in to share a review with other readers.