

Out of stockවහලකුගේ ඉරණම" නමැති මේ අනුවේදනීය සත්‍ය කථාන්තරය ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිදහස් පුරවැසියකු වූ සොලමන් නෝතප් නම් කළු ජාතික තරුණයකු පිළිබඳව වේ. වර්ෂ 1841 දී ඔහු රවටා පැහැරගෙන ගොස් වහල්කමට විකුණන ලදුව. පුරා අවුරුදු 12 ක් ඇදහිය නොහැකි තරම් දරුණු කෲර අමානුෂික වධ හිංසා විඳ, විස්මයජනක ලෙස හමු වූ සත්පුරුෂයකුගේ පිහිටෙන් ආපසු නිදහස ලබාගනියි. 17 වන සියවසේ සිට අප්‍රිකාව ආක්‍රමණය කළ ප්රචණ්ඩ දුර්දාන්තකෲර යුරෝපීයයන් විසින් නිරායුධ අප්‍රිකානුවෝ සම කළු වීම සහ අහිංසක බව නිසාම වහල්කමට ගන්නා ලදහ. මේ ඉතාම අසාධාරණ කෲර අධම වහල්කම පිළිබඳ සැබෑම අව්‍යාජ බිහිසුණු තත්ත්වය හෙළි කරන මෙම කෘතිය ඇසුරින් 2013 දී චිත්‍රපටියක් නිෂ්පාදනය කරන ලදී. ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනාගත් එයද මේ පොත මෙන්ම අතිශයින් ජනප්‍රිය විය.
Read this book? Sign in to share a review with other readers.