

Out of stock'පීටර් වොල්ලේබන්, ජීව විද්‍යාඥයන් බොහෝ කලක සිට දැන සිටි ' තුරුලතාවන් ද සමාජශීලී ජිවින්' යන කරුණ විචිත්‍රවත් ලෙසින් මතු කරමින් පාඨකයාව මනරම් ලොවකට කැඳවාලයි. -New York Times තුරුලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමග සන්නිවේදනය කරති. හැඟීම් ප්‍රකාශ කරති. වැඩිමහල්ලන්, ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එයමෙන්ම සීමාකාරී සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමඟින් සමගි සන්ධානයෙන් ගොඩනගා ගනිති. මේ සියල්ල හිතලුවක් හෝ විද්‍යා ප්රබන්ධයක කොටසක් නොවන්නේ ය. විද්‍යාත්මක පර්යේෂණයෙන් හා දිගුකාලීන නිරීක්ෂණයන්ගෙන් සනාථ වූ මේ දේවල් සත්‍යයදැයි දැනගනු රිසි නම් ඔබ පිටර් වොල්ලේබන් හට සවන්දිය යුතු ය. වර්තාපතක සැඟවුණු අන්දරය කියවිය යුතු ය.
Read this book? Sign in to share a review with other readers.