

Out of stockමං කුඩා කාලෙ චෙරි කන්න හරි ම ආසයි. මට සල්ලි තිබුණෙ නැති නිසා හුඟක් කන්න බැරි උනා. අහුවෙච්ච වෙලාවට ඇති පදම් කෑවා. ඒත් මදි. රෑ දවල් මං හිතුවෙම වෙරි ගැන. මගේ කටට කෙළ ඉනුවා. පුදුම කරදරයක්!එක දවසක් මට පිස්සු වගේ. නැත්නම් ලැජ්ජා හිතුනා වගේ. මං දන්නේ නෑ මොකක්ද කියලා. කොහොම වුණත් වෙරි වලට වුවමනා දේයි මං කළේ. ඒක හරිම විහිළුවක්. ඉතිං මං මොකද කළේ? මහ රෑ නැගිටලා තාත්තාගේ සාක්කුවට අත දමලා රිදී කාසියක් අරගෙන පහුවදා උදේම නැගිටලා වෙළෙන්දෙකුට දීල චෙරි වත්තකින් චෙරි කූඩයක්ම ගත්තා. මං අගලකට බැහැල හොදට හරි බරි ගැහිල, හුස්ම ගන්න බැරි තරම් චෙරි කෑවා. මට බඩේ කැක්කුම අල්ලලා ලෙඩ වුණා. ඇත්තමයි ලොක්කා, මං හොදටම ලෙඩ වුණා. එදා ඉදල අද වෙනකං මට චෙරි කිව්වොත් අරහං |දැන් නම් චෙරි දකිනකොටත් කේන්තියි. ඇති මං බේරුණා. දැන් කොච්චර රස චෙරි ගෙඩියක් වුණත් කියන්න පුළුවන් තවත් උඹ මට එපා' කියලා. පස්සෙ මං ඒ දේම කළා දුම්කොළවලටයි, වයින්වලටයි. දැනුත් මං දුම් බොනවා, අඩි ගහනවා. පුං!! මට ඕන්නං ඒකත් නතර කළ හැකි. මං ආසාවෙන් පාලනය වන කෙනෙක් නෙමෙයි, මගේ රට ගැන උනත් එහෙමයි. මං ඒක ගැන ඕනවට වැඩිය හිතුවා. දේශානුරාගයත් මං උගුරට එනකං ගිලලා වැමෑරුවා. එදා ඉදලා ඒක මට නැවත කරදර කරන්නේ නෑ! “
Read this book? Sign in to share a review with other readers.